ආදරය.....මේ අකුරු හතර ඔයාව මෙච්චර රිද්දාවි කියල මම දන්නව නම්
මම කවදාවත් ඔයාට ආදරේ කරන්නෙ නෑ රත්තරං .අද අපිට වෙන් වෙන්න වෙනව.හෙට ඔය පුන්චි අත වෙන කෙනෙකුගෙ වෙනව.මට ගොඩාක් දුකයි.ඒත් කරන්න දෙයක් නෑ.මෙ ආත්මෙ ඔයා එයා එක්ක සතුටින් ඉන්න.ඒත් මතු හැම බවයකම ඔයා මගේ,..මගේ විතරමයි.ඔහොම බලන් ඉන්න එපා රත්තරං.අපි ආදරය කරපු බව දන්නෙ අපි දෙන්න විතරමයි.ඒක නිසා ඔයා සතුටින් ඉන්න.ඔය හිත මටත් වඩා ආදරෙන් එයා බලා ගනීවි....මං හැමදාම ආදරේ මගේ මැණිකට විතරයි....

බරයි නුඹ අද හැඩ බරයි
දිලෙයි මිණි මෙන් නෙතු දිලෙයි
සැලෙයි නා දළු තොල් සැලෙයි
වගෙයි නුඹ පුර හඳ වගෙයි

.....ඒත් ඔය වත දුක් බරයි.....

බැරිය ඉන්නට බැරිය ළං වී
එපා කඳුලැල් එපා නෙතු අග
මකා මතකය මකා මොහොතක
හිනා වීයන් හිත හැදෙන්නට

සුභ පැතුම් මැද ඔහුගෙ අත ගෙන
මා නොඑන දා ඔහුගෙ ලොව තුළ
අහස වීයන් පුංචි තරුවට
.....බසින දා සඳ, එළිය නොකරම....

 තරු අහස @ http://tharuahasa.blogspot.com

_________________________________________________________________________________________________________________________________________________________

ආදරෙයි ගොඩක්

දුක හිතෙන වෙලාවට තරහ වෙලා වගේ හිටියට ඒ වෙලාවට ඔයා රිදෙනවටත් වැඩියෙන් මාව රිදෙනව රත්තරන්. තරහ වෙන්න බෑ කවදාවත් එකම එක තප්පරයක්වත්........
අපිට කවදාවත්ම අපේම වෙන්න බැරි උනාට  ආදරේ කවදාවත්ම අපිව දාල යන්නේ නෑ.......
ආදරේට අපිව දාල යන්න ඔනේ නම් මීට ගොඩක් කලින් ‍අපි දෙන්න වෙන්වෙලා , ඒත් අපි තාමත් දෙතැනක ආදරෙන් ඉන්නවා.........
ඒ කියන්නේ හැමදාටම......... සදහටම..... අපි අපේම තමයි රත්තරන්......

ලඟින් නොසිටියත්....
දෙතැනක සිටියත්...

ඔබේ සුවඳ මා ළඟ රැඳුනේ...

ඉර සඳ වැඳලා 
නෙත් දෙක ඇරලා 
අත ඔබෙ නළලෙ තියා 
හදවත සපුරා පවසමි දිවුරා
මම ආදරෙයි කියා ........ ♥

This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola