සඳළු තලාවේ සඳ වැට අද්දර
සඳ කොමලිය වි නුඹ පිපුණා....
දූවිලි පෑගෙන පොළෝ තලාවේ
ඔය නෙතු අද්දර මම උන්නා
හැමදාමත් නුඹ ළඟ උන්නා....

සත් මහලින් බැස එන්න එපා නුඹ
පියගැට පෙළ මට දුර වැඩි නෑ....
මේ ඉර හඳ යට එදා මෙදා තුර
නුඹ සවියක් වී ළඟ උන්නා...
ගතින් නැතත් සිත ළඟ උන්නා...