----------------------------------------------------
නුඹ,
ඇයි වුනේ මට පහන් කනුවක්
නොවී මා අත ‍රැදෙන හබලක්

මග කියූ මුත් පලක් වේවිද
හබල නැති කල කාගෙ සරණද ?
ලගට එන්නට මග බලමි මම
නමුදු නුඹ සත් ගව් දුරයි මට

නුඹේ එලියෙන් දිනමි සමුදුර
රළ පෙලින් පෙල නැගෙයි සැඩ ලෙස
පැයෙන් පැයෙන් නුඹ දුරස් වෙයි මට
නුඹත් ඇයි අද එලිය සගවන

සරණ නුඹමයි සෙනෙහෙ ඔබටයි
නමුදු නුඹ මා නොදු‍ටු ලෙස වෙයි
නුඹෙ දෙසටම දෙනෙත් දිව යයි
සමුගනිමි මම දෙනෙත බොදවෙයි